Jump to content

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
olympic.org

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යනු ස්විට්සර්ලන්තයෙහි, ලොසාන් නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, ජාත්‍යන්තර, ලාබ-නොඋපයන, රාජ්‍ය-නොවන සංවිධානයක් වන අතර, 1894 ජූනි 23 දිනදී පියරේ දි කුබර්ටින් විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ දිමිත්‍රියස් විකේලස් වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 105 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 02 දෙනකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.

සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන ඔලිම්පික් සහ තරුණ ඔලිම්පික්, අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු ගිම්හාන ඔලිම්පික් පැවතියේ, 1896 වසරෙහිදී ග්‍රීසියෙහි, ඇතන්ස් නගරයෙහිදීය; 1924 වසරෙහිදී පළමු ශීත ඍතු ඔලිම්පික් තරග පැවතියේ ප්‍රංශයෙහි, ෂමනී නගරයෙහිදීය.

අයිඕසී විධායක මණ්ඩලය

[සංස්කරණය]
තනතුර නම රට
ගරු සභාපති ජාකස් රොගී බෙල්ජියම බෙල්ජියම
සභාපති තෝමස් බැච් ජර්මනිය ජර්මනිය
උප සභාපතිවරු යූ සයිජිං චීනය චීනය
ජේ.ඒ. සමරාන්ච් Spain ස්පාඤ්ඤය
යුගාර් එඩ්නර් තුර්කිය තුර්කිය
ඇනීටා දි ෆ්‍රාන්ට්ස් එක්සත් ජනපද ඇමෙරිකා එක්සත් ජනපදය
විධායක සාමාජිකයින් ජනීලා ලින්ඩ්බර්ග් ස්වීඩනය ස්වීඩනය
වූ චින්-කුඕ චීන තායිපේ චීන තායිපේ
ජිආන්-ෆ්‍රැන්කෝ කැස්පර් ස්විට්සර්ලන්තය ස්විට්සර්ලන්තය
ඇන්ජෙලා රුගේරියා එක්සත් ජනපද ඇමෙරිකා එක්සත් ජනපදය
සර්ජි බුබ්කා යුක්රේනය යුක්රේනය
නං සෙර් මියාන් සිංගප්පූරුව සිංගප්පූරුව
විලී කැල්ට්ස්මිච් ලුජාන් ගෞතමාලාව ගෞතමාලාව
රොබින් ඊ. මිචෙල් ෆිජි ෆිජි
නිකොල් හොවර්ටස් Aruba අරූබා
ඩෙනිස් ඔස්වල්ඩ් ස්විට්සර්ලන්තය ස්විට්සර්ලන්තය
අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රිස්ටෝප් දි කෙපර් බෙල්ජියම බෙල්ජියම

මුලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c http://www.olympic.org/Documents/Reference_documents_Factsheets/IOC_Members.pdf

Follow Lee on X/Twitter - Father, Husband, Serial builder creating AI, crypto, games & web tools. We are friends :) AI Will Come To Life!

Check out: eBank.nz (Art Generator) | Netwrck.com (AI Tools) | Text-Generator.io (AI API) | BitBank.nz (Crypto AI) | ReadingTime (Kids Reading) | RewordGame | BigMultiplayerChess | WebFiddle | How.nz | Helix AI Assistant